Powered By Blogger

Tuesday, January 21, 2014

ලුන්ක්ස් භාවිතයේදී ඉතාම වැදගත් SysRq භාවිතා වන විධාන..

ලිනුක්ස් ගැන දැනගන්න, දැනුම බෙදාගන්න එක්වන්න අප සමඟ

https://www.facebook.com/groups/omglinux/

ලිනුක්ස් මෙහෙයුම් පද්ධතිය භාවිතයේදී ඉතා වැදගත් වන විධාන ලබාදීමේ ක්‍රමවේදයක් ඇත. මෙම ක්‍රමයේදී කෙළින්ම ලුනුක්ස් කර්නලයට විධාන සැපයීමක් සිදුවන නිසා ඉතා පහළ මට්ටමේ විධාන රැසක් ලබා දීමට හැකියාව ලැබේ. මෙම විධාන සාමාන්‍ය පරිගණක භාවිතයේදී භාවිතා නොකළ යුතු අතර, විශේෂ අවශ්‍යතාවයන් වලදී පමණක් භාවිතා කළ යුතු ය.සාමාන්‍ය qwerty keyboard එකක් භාවිතා කිරීමේදී විධාන ලබා දිය හැකි ආකාරය පහත දක්වා ඇත.

මෙහිදී භාවිතා වන යතුරු කිහිපයක් ඇත. එහිදී සෑම විටම භාවිතා කරන යුතුරු දෙකකි. ALT හා SysRq යනු එම යුතුරු දෙකයි. SysRq ගැන නොදන්න අයට print screen යතුර ගැන දන්නවා ඇති. print screen යතුරම SysRq සඳහා බොහෝ විට භාවිතා වේ. සමහර ලැප්ටොප් පරිගණක වල මෙම යතුර එබීමට Fn යතුරද අවශ්‍ය වේ.

ඉතින් සාමානය යුතුරු පුවරුවකදී අවශ්‍ය විධානයක් නුකුත් කිරීමට අවශ්‍ය වූ විට මුලින්ම කළ යුත්තේ ALT යතුර එබීමයි. එය ඔබාගෙනම SysRq යතුර එබිය යුතු ය. එම යතුරු දෙකම ඔබාගෙන a - z දක්වා වන අකුරු හෝ 0-9 දක්වා ඉලක්කම් වලින් එකක් එබීමෙන් එම අකුරට/ඉලක්කමට අදාළ විධානය ක්‍රියාත්මක වේ.

උදා -
 එක් වරම පරිගණකය shut down කිරීමට අවශ්‍ය නම්,

 සාමාන්‍ය යුතුරු පුවරුවක, ALT ඔබන්න.
ALT ඔබාගෙන SysRq ඔබන්න.
ALT හා SysRq ඔබාගෙන o අකුර ඔබන්න.

 එවිට පරිගණකය එක් වරම shut down වෙයි.

 සමහර ලැප්ටොප් වලදී පහත ක්‍රමය අනුගමනය කළ යුතු ය.

ALT ඔබන්න.
ALT ඔබාගෙන Fn ඔබන්න.
ALT හා Fn ඔබාගෙන SysRq ඔබන්න.
දැන් Fn පමණක් අත්හරින්න.
ALT හා SysRq ඔබාගෙන ඉන්න ගමන්, o අකුර ඔබන්න.

(සමහර ලැප්ටොප් වලදී Fn අත්හැරීමේ අවශ්‍යතාවයක් නැත)


ඉතින් පහත දැක්වෙන්නේ අදාළ අකුර/ඉලක්කම  සමඟ එමඟින් සිදුවන දේ ගැන ඉතා කෙටි හැඳින්වීමකි.

0-9 - කොන්සෝලයේ ලොග් මට්ටම තීරණය කරයි. එමඟින් කුමන කර්නල් දැනුම් දීම් තිරයේ සටහන් විය යුතුදැයි තීරණය කරයි.
b - sync හෝ unmount වීමකින් තොරව පරිගණකය ඉක්මණින් reboot කරයි.
c - kexec සමඟ reboot කරමින් crashdump එකක් නිකුත් කරයි.
d - දැනට පද්ධතියේ පවතින අගුලු (locks) පෙන්වයි. (CONFIG_LOCKDEP කර්නල් විකල්පය අවශ්‍ය වේ)
e - init ක්‍රියාවලිය (process) හැර අනිත් සියලු ක්‍රියාවලි වලට SIGTERM සංඥාව නිකුත් කරයි.
f - oom_kill භාවිතයෙන් අධි මතක පරිභෝජනයක් සහිත ක්‍රියාවලියක් නවතා දමයි. මෙය භාවිතා වන්නේ පද්ධතියේ මතක පරිභෝජනය සමනය කිරීමට ය. (oom යනු out of memory යන්නය)
g - kdb භාවිතා වන විට kerenel debugger වෙත යොමු වේ. kernel mode setting භාවිතා වන විට කර්නලයේ framebuffer කොන්සෝලයට පිවිසේ.
h - සංෂිප්ත උපදෙස් මාලාවක් දිස්වේ.
i - init ක්‍රියාවලිය හරි අනිත් සියලු ක්‍රියාවලි වලට SIGKILL සංඥාව නිකුත් කරයි.
j - FIFREEZE ioctl මඟින් අත්හිටුවා ඇති ගොනු වලට අදාළ ක්‍රියාවන් (file system specific tasks) නැවත යතා තත්වයට පත් කරයි. එය 'just thaw it' යනුවෙන්ද හැඳින්වේ.
k - තමන් භාවිතා කරන virtual කොන්සෝලයට අදාල සියලුම ක්‍රියාවලීන් විනාශ කරයි. මෙය secure attention key වලට සමාන ක්‍රියාවලියකි. මේ මඟින් පරිගණකයේ අතුරු මුහුණති ප්‍රති ආරම්භයක් කිරීමට හැකි ය. ඒසේම teminal එකකින් log වීමට පෙර මෙය භාවිතා කිරීමෙන් ආරක්ෂාකාරී log වීමක් ලබා ගත හැකි ය.
l - සියළුම CPU වලට අදාළ stack backtraces පෙන්වයි. මෙය පරිගණකයේ භාවිතා වන වැඩසටහන් වල යම් ප්‍රශ්නයක් ඇති වූ විට ඊට හේතු වූ කරුණු සෙවීමට ඉතා වැදගත් වේ.
m - දැනට පවතින පරිගණක මතකය සම්බන්ධ තොරතුරු පෙන්වයි.
n - teal-time ක්‍රියාකාරීත්වයන් ගේ nice මට්ටම ප්‍රතිසංස්කරණයක් කරයි.
o - පරිගණකය ක්‍රියා විරහිත කරයි. (shutdown)
p - දැනට පවතින රෙජිස්ටරයන් හා ෆ්ලැගයන් (registers and flags) පෙන්යි.
q - දැනට පවතින high-resolution kernel timers පෙන්වන අතර. clockevent devices ගැන සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරයි.
r - යතුරු පුවරුවේ ක්‍රියාකාරී ක්‍රමවේදය raw ක්‍රමවේදයේ සිට XLATE කමවේදයට වෙනස් කරයි.
s - mount කර ඇති සියලු file systems සමකාලීනකරණය කරයි. (sync කරයි)
t - දැනට ක්‍රියාත්මක වන කටයුතු (tasks) ලැයිස්තුවක් ඉදිරිපත් කරයි.
u - සියලුම file systems කියවීමේ පහසුව පමණක් සහිතව නැවත mount කරයි.
v - framebuffer කොන්සෝලය වෙත බලෙන් යොමු කරයි. ARM පොසෙසර වලදී පමණක් EMT buffer dump ක්‍රියාත්මක වේ.
w - D අවස්ථාවේ පවතින ( එනම් අවහිර කර ඇති) ක්‍රියාකාරීත්වයන් ලැයිස්තුවක් ඉදරිපත් කරයි.
x - PPC/PowerPC ගණයේ පද්ධතිවල xmon interface එක මඟින් භාවිතා කරයි.
y - SPARC-64 වලදී පමණක් සම්පූර්ණ CPU රෙජිස්ටරයන් පෙන්වයි.
z - ftrace ආරෝධකයන් (Buffers) නිකුත් කරයි.

 ඉහත සියලු විධානයන් ක්‍රියාත්මක වීමට නම්, කර්නලය  සම්පාදනය (compile) කරන අවස්ථාවේ CONFIG_MAGIC_SYSRQ  විකල්පය ක්‍රියාත්මක කර තිබිය යුතු ය. සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන බොහෝ සංස්කරණ වල මෙම විකල්පය ක්‍රියාත්මක කර ඇත.

sysrqd භාවිතා කර මෙම විධානයන් වඩාත් පහසුවෙන් භාවිතා කිරීමේ ක්‍රමවේදයන්ද පවතින අතර ඒවා ඉතා හොඳ දැනුමක් සහිත අය විසින් සිදු කළ යුතු ය.

ඉහත තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි බසින් වඩාත් සවිස්තරාත්මකව ලබා ගත හැකි ය. මෙම තොරතුරු ඔබට යම් අයුරකින් වැදගත් වන්නේ නම් එය මාගේ සතුටයි. මෙම ලිපිය ගැන ඔබේ අදහස් පහළින් දක්වන මෙන් මම ඉල්ලා සිටිමි.

ලිනුක්ස් ගැන දැනගන්න, දැනුම බෙදාගන්න එක්වන්න අප සමඟ

https://www.facebook.com/groups/omglinux/

No comments:

Post a Comment