අද ලංකාවේ පත්තරනම් කීයක් කියලා තියෙනවාද?? මේ පත්තර ඔක්කොම සල්ලි දීල
අරන් කියවන්න ගියොත් කීයක් යනවද?? ඒත් මේ පත්තර වලින් ගොඩක් අන්තර්ජාලය
හරහා කියවන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා ඇති නේද?? සමහර පත්තරනම් නොමිලලේම
දෙනවා. සමහර ඒවාටනම් ගෙවන්න ඕන.
ඉරිදා ලංකාදීප දිනපතා ලංකාදීප
අද ලංකාවේ ජනප්‍රියම පත්තරේ ඕකනේ. ඔය ජනප්‍රියකම නිසාම මෙයාගේ ගනන්
වැඩී. මෙයා නිකන් බලන්න දෙන්නේ මුල් පිටුව විතරයි. මෙතෙන්ට ගියාම මුල්
පිටුව බලන්න පුලුවන්..
http://sundaylankadeepa.newspaperdirect.com/epaper/viewer.aspx
හැබැයි ඉස් ඉස්සෙල්ලාම Sign in උනාම Trayl User කියලා
එකක් තියෙනවා. එතෙන්ට ගිහින් ඊමේල් එඩ්‍රස් එක දීලා ෆෝම් එක පිරෙවුවාම
ඊමේල් එකට මේල් එකක් එනවා. ඒකේ තියෙන ලින්ක් එක ක්ලික් කලාම සුමාන දෙකක්
විතර වගේ මුලු පත්තරේම බලන්න පුලුවන්. ඊට පස්සේ ආයේ බලන්න පුලුවන් මුල්
පිටුව විතරයි. දෙවෙනි පිටුව පෙරලපු ගමන් සල්ලි ගෙවන පේජ් එකටයි යන්නේ.
ඕකට විසදුමක් නැද්ද?? තියෙනවා. ඉස්සෙල්ලම browser එකේ hisrory අයින්
කරන්න. ඒක කරන්න අකමැතිනම් වෙන browser එකක් තෝරා ගන්න. ඔය වැඩිය පාවිච්චි
නොකරන Internet Explorer වගේ. ඊට පස්සේ
http://10minutemail.com/10MinuteMail/index.html
ගිහින් විනාඩි 10 දෙන ඊමේල් එඩ්‍රස් එකක් ගන්න. ඊට පස්සේ කලින් වගේ
Trayl User කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා පත්තරේ ඔක්කොම බලන්න. ආයේ සල්ලි
ගෙවන්න කිවුවාම ආයිමත් ඕකම කරන්න.. මොකක් හරි ප්‍රස්නයක් තියෙනවානම්
කමෙන්ට් එකකින් අහන්න..
මේ ලින්ක් එක තියෙන්නේ ඉරිදා පත්තරේට උනාට ඔතනින්ම දිනපතා පත්තරෙත්
බලන්න පුලුවන්. උඩ වම් පැත්තේ කෙරවලේ Sunday Lankadeepa කියලා තියෙන තැනට
ක්ලික් කරාම (ක්ලික් කරන්න ඕනෙත් නෑ මවුස් පොවින්ට් එක ලං කරාමත් එනවා) එන
කොටුවෙන් Daily Lankadeepa තේරුවාම දිනපතා පත්තරේ බලන්න පුලුවන්.. ලංකාදීප
වෙබ් පේජ් එක http://www.lankadeepa.lk/
දිවයින
මේකනම් කිසි කරදරයක් නෑ. නොමිලේම මුලු පත්තරේම බලන්න පුලුවන්. මෙතෙන්ට ගිහින් පත්තරේ බලන්න
http://epaper.divaina.com/
දිවයින වෙබ් පේජ් එක http://www.divaina.com/
ලක්බිම
ලක්බිම ලින්ක් එක කෙලින්ම දෙන්න විදියක් නෑ. මේ සයිට් එකට යන්න.
http://www.lakbima.lk/new_site/
ඉරිදා පත්තරේ ඊ පත්තරේ බලන්න ඕනනම් යටම තියෙන ඉරිදා පත්තරේ පිටුව උඩට
ක්ලික් කරන්න. දිනපතා පත්තරය බලන්න ඕනනම් පිටුවේ දකුණු පැත්තේ මැද හරියට
වෙන්න තියෙන අද පත්තරය කියලා තියෙන තැන (උඩ පින්තූරේ) ක්ලික් කරන්න..
දිනමිණ
රජයේ පුවත්පත. මේක බලන්න ඕන නම් මෙතෙන්ට යන්න.
http://www.dinamina.lk/epaper/
දිනමිණ පත්තරේ වෙබ් පේජ් එක www.dinamina.lk
රිවිර
රිවිර පත්තරේ නම් ඊ පේරර් එකක් තාම නෑ. ඒත් රිවිර පේජ් එකේ නිවුස්
ඔක්කෝම වගේ තියෙනවා. හැබැයි තව අවුලක් තියෙනවා. මේක බලන්න ඕන Internet
Explorer එකෙන්. අනික් browser වලින් බලනවානම් ෆොන්ට් මාරු කර කර ඉන්න ඕන.
ඒක ටිකක් කරදර වැඩක්නේ. රිවිර පේජ් එක http://www.rivira.lk/
මවුබිම
පහුගිය දවස් වල ජනප්‍රිය වෙච්ච පත්තරයක්. මේකේ ඊ පේපර් එක අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්. මෙතෙන්ට ගිහින් පත්තරේ බලන්න..
http://www.mawbima.lk/e-paper.php
අද
මේක තමයි අලුත්ම පත්තරේ විජය පුවත්පත් සමාගම හදුන්වා දීපු. මේක බලන්න මෙතෙන්ට යන්න,
http://www.ada.lk/
No comments:
Post a Comment