Powered By Blogger

Tuesday, January 21, 2014

ඔබේ පරිගණකයේ බල සැපයුම පරීක්ෂා කරන්නේ කොහොමද

පරිගණකයේ බල සැපයුම, එහෙමත් නැත්තන් Power Supply එක කියන්නේ පරිගණකයක තියෙන ඉතාම වැදගත් කොටසක්. මොකද ඉතින් කොතරම් පහසුකම් තියෙන පරිගණකයක උනත් මේ කියන බල සැපයුම නැතිව වැඩ කරන්න බැහැනේ. ඒ වගේම තමයි පරිගණකයේ බල සැපයුමේ මොකක් හෝ දෝශයක් ආවම කිසිම වැඩක් කරන්න බෑ වගේම පරිගණකයේ වෙනත් දෝශ තියෙනවද කියලත් හොයා ගන්න අමාරුයි. ඉතින් මම අද කියලා දෙන්න හිතුවේ මේ බල සැපයුම පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේ සඳහා මල්ටිමීටරයක්(Multimeter) භාවිතා කරනවා.
මල්ටිමීටරයේ කලු පාට සහ රතු පාට සම්බන්ධක කූරු 2ක් තියෙනවා. ඒ වගේම බල සැපයුමේ 4 pin jack එකේ කලු පාට වයර් 2ක්, රතු පාට වයර් 1ක් සහ කහ පාට වයර් 1ක් තියෙනවා. සම්බන්ධක කූරු මල්ටිමීටරයට නිවැරදිව සම්බන්ධ කරලා මල්ටිමීටරය විභවය(Voltage) මනින විදියට හදා ගෙන කලු පාට සම්බන්ධක කූරක් 4 pin jack එකේ කලු පාට වයර් එකට අදාල තැනට සම්බන්ධ කරන්න. ඉන් පස්සේ රතු පාට සම්බන්ධක කූර 4 pin jack එකේ කහ පාට වයර් එකට අදාල තැනට සම්බන්ධ කරන්න. ඔබේ බල සැපයුම නිවැරදිව ක්‍රියා කරනවා නම් මල්ටිමීටරයේ අගය 12v විදියට පෙන්වන්න ඕනි. ඒ වගේම කලු පාට සම්බන්ධක කූර වෙනස් නොකර රතු පාට සම්බන්ධක කූර 4 pin jack එකේ රතු පාට වයර් එකට අදාල තැනට සම්බන්ධ කලාම මල්ටිමීටරයේ අගය 5v ලෙස පෙන්වනවා නම් ඔබේ බල සැපයුමේ ගැටලුවක් නැහැ. නමුත් ඔබේ මේ අගයන් වෙනස් නම් හෝ අගයන් පෙන්වන්නේ නැති නම් ඔබේ බල සැපයුම දෝශ සහිතයි.

http://deviationeye.blogspot.com/2012/07/blog-post.html

No comments:

Post a Comment