Link And File බ්ලොග් එක නිර්මනය කරන ලද්දේ ඔබට අවශ්‍ය Softwere/Web Site ඇතුලු හා තවත් නොයෙකුත් දැ Link මගින් හො File ආකාරයට ලබාදිමයි
Tuesday, January 21, 2014
රෙදි වල චිත්‍ර අදිමුද? රෙදි වල චිත්‍ර අදිමුද? (පොටොත් එක්ක කියවන්න ආසනම් මෙතනට එන්න. http://www.facebook.com/groups/QplusA/doc/406438002753402/) රෙදි වල චිත්‍ර අදිමුද කිව්වාහාම හිතනවා ඇති අද ඩොක් එක චිත්‍ර පාඩමක් කියලා. :ඩි නැහැ මේක කරන්න හදන්නේ photoshop වලින් මන් මේ සදහා use කරන්නේ photoshop cs අනිත් සංස්කරන වලදිත් සිදුකරන්න පුලුවන්. 1. මුලින්ම ගැලපෙන 4to එකක් තෝරා ගන්න. ඒ කිව්වේ ආලෝකය වැඩ් එකක්. මන් ගත්තේ මේක. 2. ඊලගට ඒක photoshop වලින් open කරගෙන Filter > Noise > Add Noise දෙන්න. Add Noise windo එකෙන් Amount එක 10% පමණ දෙන්න. 3. ඊලගට Filter > Blur > Gaussian Blur තෝරගෙන aussian Blur windo එකෙන් Radius එක 1 පමණ දෙන්න. 4. දැන් Filter > Sharpen > Sharpen More දෙන්න. 5. ඊලගට Layers පැලට් එකෙන් create a new layer ලබා දෙන්න. 6. new layer එකට කළු පාට add කරලා Filter > Noise > Add Noise තෝරගෙන Add Noise windo එකෙන් Amount එක 120% පමණ දෙන්න. 7. අපි ගත්ත 4to එක පෙන්නැතුව යනවා නේද කලබල වෙන්න එපා. දැන් Layers පැලට් එකෙන් Opacity එකයි Fill එකයි 50% ගානේ දීලා Ctrl + J වලින් layer එකේ Duplicate layer එකක් ලබා ගන්න. 8.අපි ගත්තු එක කළුපාට layer එකක අර ඉස්සරාහින් තියෙන ඇහැ වගේ එක (indicates layer visibility) එක ක්ලික් කරලා ඒ layer එක 4to එකේ නොපෙනෙන්න හදාගන්න. 9. දැන් අනිත් කළු පාට layer එක තෝරලා Filter > Blur > Motion Blur තෝරගෙන Motion Blur windo එකෙන් Angle එක 90 ලෙසත් Distance එක 25 පමණ දෙන්න. 10. ඊලගට Filter > Sharpen > Sharpen දෙපාරක් ලබාදෙන්න. ( 2 පාර Sharpen කරනකොට 1 පාරට වඩා වෙනසක් පෙනේවි.දෙපාරක් මදිවගේ හිතේනවානම් 3 පරක් වුනත් Sharpen කරන්න.) 11. දැන් අපි අර පේන් නැති වෙන්න හදාගත්ත layer එක ඉස්සරාහින් ඇහැ වගේ එක තිබුනු කොටුවට ක්ලික් එකක් දාලා layer පේන්න හදාගන්න. 12. ඊලගට ඒ layer එකට Filter > Blur > Motion Blur තෝරගෙන Motion Blur windo එකෙන් Angle එක 0 ලෙසත් Distance එක 25 පමණ දෙන්න. 13. පියවර 10දි කරාවගේ Filter > Sharpen > Sharpen දෙපාරක් ලබාදෙන්න. ( 2 පාර Sharpen කරනකොට 1 පාරට වඩා වෙනසක් පෙනේවි. දෙපාරක් මදිවගේ හිතේනවානම් 3 පරක් වුනත් Sharpen කරන්න.) 14.දැන් අපි තෝරගත්තු රූපේ තියෙන layer එක තෝරගෙන Image >Adjustments > Brightness/Contrast වලින් Brightness එක -30 පමණත් Contrast එක +35 පමණත් ලබා දේන්න. 15. ඊටපස්සේ Image > Adjustments > Levels වලින් ( Ctrl + L) වලින් 4to එක පැහැදිලිව පෙනෙන ලෙස Input Levels සහා Output Levels වෙනස් කර ගන්න. කොහොමද දැන් 4to එක. අවුලක් තිබුනොත් අහන්න. වැරදි එහේම තිබුනොත් පෙන්වලා දෙන්න කාරුණික වෙන්න. ඒහෙනම් අයෙත් වැදගත් doc එකකින් හමුවෙමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment