Powered By Blogger

Tuesday, January 21, 2014

E bay එකෙන් බඩු ගන්න හැටි (සරලවම)

හැමෝම අහනවා ඊබේ එකෙන් බඩුගන්න හැටි...



මේක හරිම සරල දෙයක්... මම කියන්නම් මම කරපු හැටි...

  • මා සතුව HSBC ක්‍රෙඩිට් කාඩ් පතක් තියෙනවා.
  • ඒ ක්‍රෙඩිට් කාඩ් පතටම අදාල ලිපිනයේ මා පදිංචිව තියෙනවා.
  • රස්තියාදු ගැසීමේ ඉඩ ප්‍රස්ථාව තියෙනවා (මොකද සමහර බඩු රේගුවෙන් රදව ගන්නවා, ඊට පසු අපිට එන්නෙ ලියුමක්. ඒක අරං යන්න ඕන ''ක්ලියරිං'' කරගන්න)

  1. අංක එකටම ඊ බේ වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වන්න, උඩම තියෙන Welcome! Sign in or register. කියන තැන රෙජිස්ටර් ඔබන්න. සාමාන්‍ය ඉංගිරිසි දැනුම සෑහේ.
  2. ඊලගට පේපෑල් https://www.paypal.com/lk වෙත ගොස් Sign Up වෙන්න. එතනදි ඔයාට එතනත් ලියාපදිංචි විය යුතුයි. ඒකෙදි ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් අංක සියල්ල එයට ලබා දිය යුතුයි.. කිසිදු සැකයක් ඇතිකරගන්න එපා. මෙය කීර්තිමත් ආයතනයක්. සිල්ලර වැඩ කරන්නෙ, ගාණ කපන්නෙ නැහැ. අතිශය ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක්. මෙහිදී හොද username හා තදබල පාස්වර්ඩ් භාවිත කිරීමට මතක තබාගන්න.
  3. ඊලගට ඊ-‍බේ අඩවියෙන් තමුන්ට අවශ්‍ය දේ හොයාගන්න. ඒක හොයන හැටි වෙනම කලාවක්. නමුත් සරලව අවශ්‍ය දේ හොයාගන්න පුලුවන්.
  4. එහෙම හොයපු භාණ්ඩෙ Add to Cart ඔබල ඔබේ ''මල්ලට'' දාගන්න. එතනදි යූසර් නේම් පාස්වර්ඩ් දීලා ඉදිරියට යන්න තියෙන්නෙ අහන ප්‍රශ්න වලට උත්තර දිදි. 

ඉතාම ලෙහෙසියි. සැමවිටම මේ සදහා නිවැරදි තොරතුරැ ම දෙන්න.

No comments:

Post a Comment