Powered By Blogger

Tuesday, January 21, 2014

Disk cache වෙනුවට Memory cache බාවිතා කර Firefox වේගවත් කරගනිමු

---Disk cache වෙනුවට Memory cache බාවිතා කර Firefox වේගවත් කරගනිමු---


දැන් ලංකාවේ අන්තාර්ජාලය බාවිතා කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමා FUP (Fair Usage Policy) apply උනාම Connection එක slow වෙන එක.

මොකද දැන් සීමාරහිත අන්තර්ජාල සේවාවක් සපයන්නේ Lankabell විතරයි.FUP Apply උනාට පස්සේ ඉතින් පේජ් එකක් එහෙම ලෝඩ් වෙන්න යන වෙලාව අමුතුවෙන්
කියන්න ඕනේ නෑනේ.මේක මගහරවාගෙන යම් තාක් දුරකට අන්තාර්ජාල සබඳතාවය වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමා Firefox Web browser එකේ memory
cache පහසුකම සක්‍රීය කරගැනීම සහ එහි ධාරිතාවය වැඩිකරගැනීම.එමගින් අප නිතර නිතර පිවිසෙන වෙබ් අඩවිවල තිබෙන images,animations ආදිය මෙම වෙන්
කරන ලද cache මතකයට save කරගන්නා නිසා අපි නැවත එම වෙබ් පිටුව වෙත යෑමේදි එම images,animation ආදිය නැවත නැවත load වීමක් සිදුවන්නේ නෑ,යාවත්කාලීන
වී ඇති කොටස් පමණයි එවිට අන්තර්ජාල සබඳතාවය යොදා ගනිමින් load කරගන්නේ,අනෙක් images,aniamtions,flash contents, cache මතකය හරහා load කරගැනීමේ
හැකියාව browser එකට පවතිනවා.බලමු කොහොමද මේක කරන්නේ කියලා
-Firefox address bar එකේ about:config ලෙස type කර enter කරන්න (දැන් ඔබට warning එකක ලැබෙයි එහි I'll be carefull,I promise button එක click කරන්න)
-Filter field එකෙහි browser.cache ලෙස type කරන්න
-browser.cache.disk.enable යන්න false ලෙස සකසන්න (එය මත double click කීරීමෙන් එය සිදු කරගත හැක)
-ඉන්පසු browser.cache.memory.enable යන integer එක true කරගන්න (එය මත double click කිරීමෙන්)
-දැන් පහල හිස් අවකාශයේ Right click කර New > Integer තෝරාගෙන එහි browser.cache.memory.capacity ලෙස type කර OK කරගන්න
-ඉස්පසු ලැබෙන window එකේ 100000 ලෙස type කර ok කරගන්න(මෙමගින් 100mb cache memory ධාරිතාවක් ලබාගත හැක)
-Firefox close කර නැවත Open කරගන්න
(If you want more than 100 megabytes of cache -- if you have lots of spare memory, or you're prone to mammoth browsing sessions -- type in 500000 instead for 500 megabytes of cache. To confirm everything is working, visit 'about:cache' and you should see some 'Memory cache device' information ;) )
පහල image එක නැරඹිම මගින් ඔබට මේ අගයන් සැකසීම පිලිබඳ යම් මනා වැටහීමක් ලබාගැනීමට හැකිවේවී.
http://i.imgur.com/2B

No comments:

Post a Comment