- එකම Number එක ෆෝන් දෙකක පාවිච්චි කළ හැකි වීම
- ඔයගොල්ලෝ ගාව තියෙන ඔක්කොම සිම් තනි සිම් එකකට කොපි කරලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්ඩ පුළුවන් වෙන එක
- ඒවාගේම dual sim phone එකක් නැති අයට යම් විසදුමක් විදියටත් මේක පාවිච්චි කරන්ඩ පුළුවන්
මේකට අපිට අවශ්‍ය වෙනවා උපකරණ කිහිපයක්,
- Sim Card Reader එකක්
*** Sim Reader එක ගන්න කොට ඒකේ Drivers & Softwares ඔයාගේ Operating System එකට හරියන්ඩ ඉල්ලගන්ඩ අමතක කරන්ඩ එපා. නැත්තං ඉන්ටර්නෙට් එකෙන් download කර ගන්ඩ.
2. අපේ සිම් කොපි කරන්ඩ පුළුවන් GSM Power Sim එකක්
මේ තියෙන්නේ 6 IN 1 සිම් එකක් , එකියන්නේ මේකේ සිම් 6 ක් store කරන්ඩ පුළුවන්. තව තියෙනවා 18 IN 1 සිම් , ඒවගේ සිම් 18 ක් store කරන්ඩ පුළුවන්.
හරි දැන් අපි වැඩේට බහිමු.
- ඔයාගේ Sim Card Reader එකට හම්බවෙන Drivers & Softwares Install කර ගන්ඩ.
- ඊළගට කොපි කරන්ඩ ඕනි සිම් එක සිම් කාඩ් රීඩර් එකට දාලා මැෂින් එකේ USB Port එකට ගහන්ඩ. ඒකල්ල රීඩ්ර් එකෙන් හම්බවුන Software එක open කරගෙන Sim Backup හෝ ඊට සමාන menu එකට යන්ඩ.
Sim Backup > Sim Scan යන්ඩ. එතකොට සිම් එක කොපි වෙලා ඉවර වෙයි , සේවි කරන්ඩ ඕනි තැනකුත් අහයි. ඒතන සේව් කරන්ඩ , සමහර විට Pin Number එකත් enter කරන්ඩ වෙයි.
*** සමහර සොෆ්ට්වෙයාර්ස් වල තියෙන්නේ Sim Copy Or Read From Card කියලා.
- ඊළගට 6 In 1 හරි ඔයා ළග තියෙන Power Sim එක Sim Card Reader එකට දාන්ඩ. එකල්ල Sim Backup > Write to Sim වලට යන්ඩ.
ඒකල්ලා Read Sim හෝ ඊට සමාන item එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ Power Sim එකේ නම වැටෙයි.
දැන් Browse ක්ලික් කරලා ඔයා කලින් කොපි කර ගත්ත සිම් එකේ data save වුන ෆයිල් එක Open කරල දෙන්ඩ. එතකොට PIN CODE එකක් අහයි. ඒක ඔයගොල්ලෝ කලින් සිම් එක සේව් කරද්දි දුන්න එකයි.
මම උඩින් (A) දාලා තියෙන ස්ථානයට Files ටික(සිම් කොපි ටික ) ලොඩ් කරගෙන Write කියන එක ක්ලික් කරන්ඩ. එතකොට Power Sim එකට මේ සිම් එක කොපි වෙයි.
ඔයාගේ සිම් ටික කොපි වෙලා ඉවර වුනාම Power Sim සිම් එක ෆෝන් එකකට දාලා Menu එකේ STK කියලා Item එකක් ඇති එකෙන් ඔයාගේ Active Number එක set කරන්ඩ පුළුවන්.
No comments:
Post a Comment