Powered By Blogger

Tuesday, January 21, 2014

෴ට්විටරය හැඳින්නෙමි෴

ට්විටරය, සමාජ ජාලයකි. නෑ, මෙය සිරාම සමාජ ජාලයකි, කොල්ලො, කෙල්ලො, බල්ලො එකට ලැගුම් ගන්නා, කරන කියන හැම මඟුලම ලියා ආදරයෙන් වෙසෙන තැනකි. කොටින්ම, බොරු සෝබන නැත, ඇඩ් නැත, ගේම් නැත, උඩ බලාගෙන බොරු කෙටීමට චැට් නැත... හැමෝම තමන්ගෙ අදහස්, හැඟීම් අකුරු 140කට කැටි කොට අපූරුවට ලියයි.



කියන්නේ දැනගෙනය, ටක්කෙටම සහතිකය. බුකියේද කරක් ගසා නට්ටන් වී සිටි මට ට්විටරය හිතට වැදුනේය. ඉන්නේ ඇත්ත මිනිස්සුය, ඇත්ත අදහස්ය. කැමැති අකැමැති දේ පොදුවේ සාකච්ඡා වේ. හෑශ් ටැගියක්(#) ආධාරයෙන් මාතෘකාව සඳහන් කොට කියන්නට ඇවැසි දෑ බොක්කෙන්ම කියයි. @ සබැඳියක් මගින් ඔබේ යහලුවෙක් ට්වීටයක හඳහන් කල හැකිය.



බ්ලොගියක් ලියන්නෙක්නම් ට්විටරය සිරාම පොට් එකකි. බුකියේ අපි දමන ලින්ක් බලන්නේ අවාරෙට වගේය. නැත්තන් උන් ලින්කුවට ලැයුකුවක් කොටා ශේප් වී යයි. ට්විටරයේ එසේ නැත. බ්ලොගකරුවන් පිරී ඇති මෙහි ඔබේ බ්ලොගයටත් හොඳ තැනක් ලැබේ යැයි මට සහතිකේටම මෙව්වා විය හැක. එමෙන්ම ඔබේ බ්ලොගයට සමාන මාතෘකාවලින් බ්ලොග ලියන්නන් සොයා ගැනීමටත්, එම ක්ශේත්‍රවල පළපුරුදුකම් ඇති වෘතීය මට්ටමේ පුද්ගලයන් සමගද හොඳින් කථා කොට උපදෙස් ලබා ගත හැක.

මේ අතරම මෙහි ඉන්නා උන් සමඟ සෙට්වී ෆුල් මැටි ආතල් ගත හැක. ලියනා ට්වීට කියවීමට ආසය. සිරා යහලුවන් ඇතිකර ගත හැකිය. ඔපේට තැන දෙන බුකියට වඩා ඇත්ත මනුස්පයාට තැනදුන් ට්විටරය බොක්කෙන්ම සිරාය. ඔබේ ජීවිතයට ඇනයකට වඩා නියම විනෝදාස්වාදයක් හා දැනුම රැගෙන එන තැනක්ය.

No comments:

Post a Comment