- Facebook Chat එක වැඩ නෑ......
ඔයාගෙ FB Account එකේ, Facebook Chat එක හරිහැටි ක්‍රයාත්මක නොවේනම්, ඔබ මුලින්ම කල යුත්තේ, ඔබේ යහළුවෙකුගෙන්, අහන්න, එයාගෙ Profile එකේ Chat එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා, ඔහු කිවුවොත්, ඔව් මගේ එහෙම ප්‍රශ්ණයක් නෑ. එලට වැඩ, හ්ම්, ඒ කියන්නේ, මේ ප්‍රශ්ණය තිබෙන්නේ, Facebook එකේ නෙවෙයි, මේ ගැන මුලින්ම යාළුවෙකුගෙන් අහන්න කිව්වෙ, සමහර වෙලාවට Facebook Technical Problem එනවා, එවන් අවස්ථාවක හැරෙන්න, බොහෝ වෙලාවට, මෙම ප්‍රශ්නය අවොත්, ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ඔබේ Browser එකේ ප්‍රශ්ණයක්, ඔබ විසින් Browser එකට යොදාගන්න, විවිද Extension හො Script නිසා ඇතිවෙන ප්‍රශ්ණයක්, මෙහිදී ඔබට කල හැකි ක්‍රියාවලි දෙකක් තිබෙනවා.
මුලින්ම ඔබේ Browser එකේ තිබෙන අනවශ්‍ය Extension ටික Disable හෝ Uninstall කර බලන්න. (Browser එකෙහි දැනට බාවිත වන Extension පරීක්ෂා කිරීමට පහත පියවර මගින් පුළුවන)
Chrome – Setting >> Tools Extension
Firefox – Firefox Button >> Add-on (Ctrl + Shift + A)
ඔබ අනවශ්‍ය Extension සියල්ල Disable කර බැළුවත්, තවමත් Facebook Chat එක ක්‍රයාත්මක නොවේද? එසේනම්, ඔබගේ Web Browser එක Uninstall කර, Install කරගන්න, ඔබට කිසිම ප්‍රශ්ණයකින් තොරව නැතතත් Chat List එක දැගන්න පුළුවන්, ඒ වගේම Chat කරන්නත් පුළුවන්
- Friend Request Block කරලා......
මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ, ඔබ මුහුනු පොතේ ඉන්න අනෙකුත් සාමාජිකයන්ට දිගට හරහට Request කරගෙන ගියොත්, ඔයාගෙ Request Block කරනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි, :P මෙහෙම වෙන්නෙ මක් නිසාද? ඔබ විසින් යවන ලද Request එක, ලබන්නා, එනම් ඔබ මිතුරු දමක් ඇරබීමට අපේක්ෂා කරන පුද්ගලයා, ඔබේ Request එක Confirm කරන කරන තුරු එය FB එකේ පවතිනේනෙ Pending Request එකක් ලෙසිනි, ඔබ දිගින් දිගට Request මුදා හැරියොත්, ඒ ඇතැම් Request, Confirm වීමට යම් කාලක් ගත වෙනවා, මොකද ඒ Request එක Conform කිරීමට, ඒ පුද්ගලයා FB එකට Log වෙලා ඉන්න ඕනෙ, එහෙත් ඇතැම් අය හිතා මතා තමන්ට පැමිනෙන Request, Confirm නොකර සිටිනවා, මේ වෙලාවට ඔබගේ Pending Request ප්‍රමානට ටිකෙන් ටික ඉහල යනවා, සාමාන්‍ය විදිහට Pending Request 15ට වැඩි උවහොත්, ඔබ Facebook තුල අනෙකුත් Users ලට කරදර කාරී ලෙස හැසිරෙන විදිහට නම් කරනවා, එනම් ස්පෑම් කරනවා, එහිදී ඔබට Block කරනවා, එම Block එක සිදු කිරීමේදී ඔබට දැනුම්දෙනවා දින කාල සීමාවක්, එය ගෙවීයනකම් ඔබට නැවත Request කිරීමේ හැකියාවක් නොමැත, එව දින ගනන, දින 4ක් ප්‍රථම, ඉන්පසු දින 7, දින 14ක්, දින 30ක්, ඉන්පසු සදාකාලිකවම බ්ලොක් කරනවා.......
- Friend Request Block එක Cancel කරගන්න පුළුවන්ද?
ඉතින් ඔබත් Request block වෙලාද, මෙහෙම උනොත්, ඔයාට ඔයාගෙ ගිනුමෙහි සිටින යහළුවන් අතරේ පමණක් පණිවිඩ යැවීමද සීමා වෙනවා, ඒ කිවේව, ඔබගේ ගිනුමේ මිතුරෙක්ව සිටින User කෙනෙකුට හැරෙන්න, වෙන කිසිදු User කෙනෙකුට ඔබට Request කිරීමේ හැකියාවත් නොමැත. ඉතින් මෙහෙම Block උනාම, ගොඩක් යාළුවො අපෙන් අහන්නෙ, මේ Block එක Cancel කරගන්න පුළුවන්ද? කියන්න තියෙන්න නම් මෙච්චරයි, මේ බ්ලොක් එක කිසි සේත් Cancel කරන්න බෑ....අවශ්‍ය විකල්ප විසදුම් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ලංකාවෙ නම් Facebook Users ලගෙන් වැඩි ප්‍රමාණය Mobile Users ලා තමයි ඉන්නෙ, ඉතින් මේ Mobile Users ලට පොඩි පිනා පාරක් තිබෙනවා, ඒ කිව්වෙ එයාලගෙ Request Block වීම ගොඩක් අඩුයි. ඔබ පරිගණකයෙන් Log වී Request කල වෙලාවට ඔබගේ Request Block කලොත්, එයට විකල්ප විසදුම් විදිහට Mobile එකෙන් Log වී ඔබගේ යහළුවන්ට Request කිරීමේ හැකියාව තිබෙනවා.
- Email එක Hide කරන්නෙ කොහොමද?
- Facebook Email එක Change කරන්නෙ කොහොමද?
අපි ගොඩක් දෙනා මේ වන විටත් Facebook Account එකක් හදාගෙන තියෙනවා, එහෙත් අපි Email එක වෙනස් කරගන්න දන්නෙ නෑ නේද?.....ඒක කරගන්න මේ විදිහට, ඔබගේ Facebook Account එකෙහි උඩන්ම තිබෙන ටැබ් තුනෙන් හෝ හතරෙන්, (Home, Profile, Find Friend, Account) මේවායින් Account ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Account Setting තෝරන්න, බලන්න දැන් අලුත් වෙබ් පිටුවක් ලැබෙයි..General ටැබ් එකේ Email එකට ඉදිරියෙන් තියෙන Edit යන්න උඩ ක්ලික් කරන්න.....දැන් ඔබට දකින්න පුළුවන් ඔබ භාවිතා කරන ඊ-මේල් එක...දැන් අපි අලුතින් ඊ-මේල් එකක් අකතු කරන්න නේද? මෙච්චර දුර ගෙවාගෙන ආවේ....හේ හේ....දැන් ඔයාට පේනවා නේද? Add another email කියලා.....ඒක උඩ ක්ලික් කරලා ඔයාගෙ අලුත් ඊ-මේල් එක එකතු කරන්න...Save Changes බට්න් එක උඩ ක්ලික් කරන්න....දැන් අපිට කලින් ඊ-මේල් එක ඉවත් කරන්න බෑ ඒ මොකද? අපි ඒ ඊ-මේල් එකෙන් ලොග් වෙලා සිටින නිසා....ඒකට ඔබ අකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා අලුතින් එකතු කල ඊ-මේල් එක දබාදී එකවුන්ට් එකට ලොග් වෙන්න, ඉන්පුසු කලින් විදිහටම Account Setting එකට ගිහින් පැරණි ඊ-මේල් එක Remove කරලා දාන්න......දැන් ඔයාගේ අලුත් ඊමේල් එක primary එක විදිහට ලැබෙයි....දැන් Save Schanges බට්න් එක ඔබට ඔබගේ ඉල්ලීම සනාත කරන්න......
තවත් බොහොමයක් ගැටළු වලට විසදුම් මෙතැනින්.http://lk-t-zone.blogspot.com/2012/07/facebook-account.html
No comments:
Post a Comment