Powered By Blogger

Tuesday, January 21, 2014

Windows 8 අවුල්ද ? මෙන්න විසදුම ......

Windows 8 අවුල්ද ?  මෙන්න විසදුම ......


 windows 8  ස්ථාපිත කල බොහෝ අයට windows 7 වල install කල  ඇතැම්  software  windows 8 වල  install  කල නොහැකිවීම වීම install කල software  stuck වීම අදී ගැටලු මතුවී ඇත. මෙයට 95%  ක්‌ම හේතුව වී ඇත්තේ windows 7  සමග පැමිනි  net framework 3.5 වෙනුවට windows 8  වල පවතින්නේ net framework 4.5  වීමයි. එමනිසා  windows 8  පද්ධතියට net framework 3.5 ස්ථාපනය කල  විට ඉහත  ගැටලුව විසදා ගත හැක .මේ සදහා net framework 3.5 download කර  install කල යුතු වුවද එයට 200mb පමණ data  ප්‍රමාණයක් වැය වේ. එය සීමිත අන්තර්ජාල පහසුකමක්  සහිත අයට මහත් ගැටලුවකි .නමුත් අන්තර්ජාල පහසුකම නොමැතිවද ඉහත ක්‍රියාව සිදුකල හැක.(offline අයට ) ඒ සදහා අවශ්‍ය වන්නේ windows 8  අඩංගු  DVD ය  පමනි. windows 8  DVD මගින් එය කරන ආකාරය පියවරෙන් පියවර පහත දැක්වේ.     


පලමුව windows 8  DVD ය  ඇතුලු කරන්න.   


එහි ඇති  net framework 3.5   files ඔබගේ  පරිගණකය  වෙත කොපි කර ගැනීම සදහා command prompt වෙත ගොස්  run as administor  ලෙස ආරම්බ කරන්න .  


දැන් පහත විදානය දෙන්න   


xcopy J:\sources\sxs\*.* c:\sxs /s


****මෙහි  j  වෙනුවට  ඔබගේ  windows 8  DVD  එකට අදාල අකුර ලබාදිය යුතුය ***8*ඉන්පසු  ලැබෙන ප්‍රතිචාරය සදහා   d   යොදා  enter   කරන්න.   


අවශ්‍ය files copy  වීම අවසන් වු පසු net framework 3.5   install කිරීම සදහාපහත විදානය  දෙන්න   


dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:C:\sxs /LimitAccess    


net framework 3.5   ස්ථාපනය අවසන් වූ පසු  ඔබට  windows 7  වල install කල   සියලුම  software  windows 8   තුලද  install  කල හැකි වෙයි.



*windows 8   මෙහෙයුම් පද්ධතිය තවමත් එතරම්ම ප්‍රචලිත වී නොමැති නිසා මෙම ලිපිය බොහෝ අයට ප්‍රයෝජනයක්  නොමැති  වුවද ඉදිරියේදී  ප්‍රයෝජනවත්  විය හැක .


* windows 8    පිළිබද  මාගේ පුද්ගලික මතය නම් windows 8   මෙහෙයුම් පද්ධතිය  අතිශය වේගවත් ,stuck විම් ,system crash  විම් නොමැති windows 7 වලට වඩා ඉතා හොද මෙහෙයුම් පද්ධතියක් බවය .


*ඉහත ක්‍රමය අසාර්ථක වුවහොත් comment යොදා ඒ බව දැනුම් දෙන්න.

No comments:

Post a Comment