Powered By Blogger

Wednesday, January 22, 2014

Linux ඉතිහාසය

Linux ගැන කථා කරනකොට අපිට ගොඩක් වැදගත් වෙන්නේ එහි commands භාවිතය ඉගෙන ගැනීම.නමුත්Linux නිර්මාණය වුනේ කොහොමද මූලාශ්‍ර මොනවද කියලා දැනගන්න එක වැදගත් කියලා මට හිතුනා.මෙතැන්පටන් Linux ඉතිහාසය ඉතා කෙටියෙන් එකතු කරන්නම්.

Linux ඉතිහාසය

Linux නිර්මාණය වෙන්නේ මීට අවුරුදු 20කට කලින් 1991 වර්ෂයේදියි.පසුගිය අවුරුදු 20ක කාලය පරිගණකඉතිහාසයේ අමරණීයම අවධියක් ලෙසයි සැලකෙන්නේ.ඊට හේතුව පරිගණක ක්ෂේත්‍රයට අදාල බොහොමයක්නව නිපැයුම් බිහිවුණේ මේ කාල පරාසයේදි නිසා.නමුත් පරිගණක ඉතිහාසය පසුගිය වසර 20ට ලඝු කරන්නකිසිම හැකියාවක් නෑ.Linux නිර්මාණය සදහා පාදක වූ unix නිර්මාණය වෙන්නේ 1970 වර්ෂයේ මැද භාගයේදී.

Linux නිර්මාතෘ

Linux නිර්මාණය කරන්නේ Linus Torvalds නැමැති ෆින්ලන්ත ජාතිකයෙක් ඔහු ඒ වන විට Helsinki විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක්.ඔහු තමන්ගේ ප්‍රථම පරිගණකය මිලදී ගන්නේත් මේ අවධියේදීමයිනමුත් ඔහුට මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමේදි ප්‍රශ්ණයක් පැන නැගුණා.එම කාලයේදි මෙහෙයුම් පද්ධතිලෙස පැවතුනේ විවිධ Dos හි සංස්කරණ කිහිපයකුත්,ඉතාමත් මිල අධික unix සහ අඩු මිලකට පැවතුණු minixනම් පිටපත් පමණයි.අවසානයේදී torvalds තීරණය කරන්නේ minix තෝරාගැනීමටයි.

පහත රූප පෙළින් ඔබට ඒ කාලයේ පැවති මෙහෙයුම් පද්ධතියක ස්වාභාවය දැකගැනීමට පුළුවන්

Minix මත වැඩ කරන විට ගන්නා ලද රූපයක්

Minix යනු කුමක්ද



Minix යනු ප්‍රසිද්ධ Unix මෙහෙයුම් පද්ධතියේක්ලෝනයක් ලෙසයි සැලකෙන්නේ.මේ අවධියේදීUnix භාවිතා වූයේ විශාල ව්‍යාපාරික කටයුතු සදහා සහවිශ්ව විද්‍යාලවල පරිහරණය සදහා පමණයි එයටහේතුවක් වූයේ එය මිලෙන් අධික වීම.සාමාන්‍යපුද්ගලයින් මෙය භාවිතා කලේ ඉතාමත්ම සුළුවශයෙන්.

Minix මෙහෙයුම් පද්ධතිය Andrew S. Tanenbaum නැමැති පරිගණක මහාචාර්යවරයා නිපදවන ලද්දක්.ඔහු එමපද්ධතිය නිර්මාණය කරන්නේ තම සිසුන්ට මෙහෙයුම් පද්ධතියක කාර්යය භාරය පැහැදිලි කිරීම සදහා.එම නිසාඑහි කේත සටහන් පවා ඒ වන විට නිකුත් වී තිබුණා.

නමුත් Torvalds හට Minix සම්බන්ධවත් ගැටළු රාශියක් පැණ නැගී තිබුණෘ.එහි තිබූ තාක්ෂණික දුර්වලතාහේතුකොටගෙන ඔහුට නව මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවයක් තදින්ම දැනුනා.Unix පාදක කොටගෙනම නවමෙහෙයුම් පද්ධතියක් නිපදවීමට ඔහු තුල ඇතිවූ පෙළඹවවීම තමයි Linux බිහිවීමට ඉවහල් වුණේ ඒ නමුත් ඔහුප්‍රථමයෙන්ම ඔහුගේ මෙහෙයුම් පද්ධතියට ලබා දුන්නේ freax නාමය.එහි නාමය Linux ලෙස ස්ථාවර වූයේඔහුගේ මිතුරෙකු වන Ari Lemmke දුන් Linux නාමය වේගයෙන් ජනප්‍රිය වූවාට පසුවයි.Torvalds ගේ මුල් නමවන Linus හි S ඉවත් කොට Unix හි පිටපත් සෑම එකකටම පාහේ යොදන X යොදා Linux නාමය ලබාදුන්නේ ඔහුවිසින්.

Linux බිහිවීම

Torvalds හට තම විශ්ව විද්‍යාලයට යෑමට සිදුවී තිබුණේ පා ගමනින්.සීත සමයේදි විශ්ව විද්‍යාලයට පා ගමනින්ගොස් එහි තිබූ ප්‍රබල මධ්‍ය පරිගණකය භාවිතා කිරීම ඔහුට තරමක් කටුක අත්දැකීමක් වූවා.ඒ නිසා ඔහුටසිතුවිල්ලක් පහල වූවේ නිවසේ සිටම විශ්ව විද්‍යාලයේ මධ්‍ය පරිගණකයට සම්බන්ධ වීමටයි ඒ ඔස්සේ ඔහුසකසාගත් වැඩසටහන සාර්ථක වුණා.අවසානයේදී Torvalds වටහා ගත්තා තමන් මෙහෙයුම් පද්ධතියක kernelඑකක් ලියා ඇති බව.


Linux ගමන

Torvalds තම නිර්මාණය අවසන් කිරීමෙන් පසුව සෑම කෙනෙක්ටම කේත වෙනස් කර නැවත බෙදා හැරිය හැකිවන ලෙස ඉඩ සැලස්වූවා.විශ්මයජනක ලෙස ලොව පුරා ක්‍රම ලේඛකයන් ඔහු වටා රොක්වුණෘ අඩු පාඩුසකසමින් නැවත Torvalds වෙත ලබා දුන්නා ඇදහිය නොහැකි ආකාරයට ඉතා සීඝ්‍රෙයන් මෙහෙයුම් පද්ධතියජනප්‍රිය වීමට ගත් අතර අද වන තුරු එහි වේගය අඩාල වූ බවක් නම් පෙනෙන්න නෑ

ප/ලි

ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුනා ඉතිං අපේ වැඩයි අනික් බ්ලොග් වල වැඩයි එක්ක.දන්නවා ඇතිනේ දැන්  මේ බ්ලොග් ලියන්නේ ගැමියාගේ පත් ඉරුව
http://pathiruva.blogspot.com/

 සහ මණ්ඩිපාල
http://mandipala.blogspot.com/

විසින්.මෙච්චර කාලයක් ඉතිහාසය ගැන ලියන්න බැරිවුනු නිසා ඕං ඒකත් ලිව්වා.මූලාශ්‍ර ගත්තේ  ebooksclub.org__Beginning_Ubuntu_Linux__Third_Edition__Beginning_from_Novice_to_Professional_
පොතින්....

මීලඟ ලිපිය බොහෝම ඉක්මන්ට ලියන්න බලාපොරොත්තු වෙනවා උබුන්ටු මත මෘදුකාංග ස්ථාපනය කල හැකි කෙටි ක්‍රම පිළිබඳව....මීට කලින් ලිපියක වුනු පොරොන්දුවත් ඉක්මනින්ම ඉෂ්ඨ කරන්නත් බලාපොරොත්තු වෙනවා....(වැරදි ඇත්නම් පෙන්වන්න හොඳේ)

උඩම තියෙන පින්තූරේ මාතෘකාවට අදාල නැතත් ඒ තරමට උබුන්ටු රැගෙන එන විදිය හැකි උපරිමයෙන් හැමෝටම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා

No comments:

Post a Comment