Powered By Blogger

Tuesday, January 21, 2014

"පෙත්තප්පු"



සරළවම පවසන පරිදි "පෙත්තප්පු" යනු Unicode <--> Office සිංහල අකුරු Converter එකකි. එමගින් ඔබ ලියන ලද සිංහල Unicode ලිපියක් Office ආකාරයටත් (DL_Malithi,FM_Derana... ආදී ඕනෑම අකුරු වර්ගයකටත් ) DL_Malthi,FM_Derana ... ආදී සාමාන්‍ය සිංහල අකුරු වලින් ලියූ ලිපියක් Unicode ලිපියක් බවට හැරවීමත්, "පෙත්තප්පු" නිසා  දැන් ඔබට ඉතා පහසු කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ එක් mouse click එකක් පමණි.
මේ නිසා දැන් ඔබට ඕනෑම සිංහල ලිපියක් ටයිප් කිරීමට අවශ්‍ය වන්නේ එක්  වරක් පමණි. ඉන්පසු එය පෙත්තප්පු මඟින් ඔබට අවශ්‍ය ආකාරයකට convert කර ඕනෑම ස්ථානයක පළ කිරීමේ හැකියාව ඔබට ලැබී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ  යම් කිසි අයුරකින් ඔබගේ ලිපියේ ඉංග්‍රීසි අකුරු අඩංගු වුවහොත් ඒවා නිසි පරිදි detect කර එම ඉංග්‍රීසී වචන ඒ ආකාරයෙන්ම සිංහල වචන සමග මිශ්‍ර නොවි convert කර ගැනීමේ හැකියාවයි.

මෙවැනි පහසුකමක් සහිත ලංකාවේ එකම සහ පළමු මෘදුකාංගයද මෙය වේ. මෙය නිපදවූයේ පැන්සල මෘදුකාංගය නිපදවූ Serandibsoft විසිනි. මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි.

මේ හරහා දැන් ඔබට ලැබෙන වාසි ගැන මඳක් සිතා බලන්න.

Pen drive එකක් ගසා ටීවී එකෙන් සිංහල ෆිල්ම් බලන විට Computer එකේ දිස්වන සිංහල subtitle ටීවී එකේ දිස් නොවන බව ඔබ දැක ඇත. එසේ වන්නේ එම subtitles unicode ආකාරයෙන් ලියා තිබීම වේ. නමුත් දැන් "පෙත්තප්පු" හරහා එම සිංහල subtitles වෙනත් කැමති සිංහල ෆොන්ට් එකකට හරවාගෙන, එය හොඳ subtitle editing software එකක් මගින් සිංහල ෆොන්ට් එක subtitle එකට embeddedකරගැනීමෙන් ඔබට එය ටීවී එකේ නැරඹීමේ හැකියාව හිමි වී ඇත.

එමෙන්ම Internet එකේ blog වල ඇති සිංහල ලිපි දැන් ඔබට ක්ෂණයෙන් වෙනත් ඕනෑම සිංහල ෆොන්ට් එකකට හරවාගෙනකැමති පරිදි අලංකාර කරගෙන PDF format එකෙන් save කිරීමටද "පෙත්තප්පු" නිසා ඔබට හැකිවී ඇත.

Unicode ලිපි Office වලට හරවනවා වාගේම ඔබ ලියූ ඕනෑම  DL_Malithi,FM_Derna ආදී අකුරු අඩංගු වූ සිංහල ලිපියක් දැන් ඉතා පහසුවෙන් Unicode ආකාරයට convert කරගෙන බ්ලොග් එකක් ලෙස Internet එකේ පළ කිරීමේ හැකියාවද ඔබට හිමි වී ඇත.

මෙය භාවිතා කරන විට මෙහි ඇති විශේෂත්වය ඔබටම වැටහෙනු ඇත . එමනිසා දැන්ම මෙය download කරගෙන වෙනස අත්විදින්න.

ගන්න .... අපේ දේ. 

-----------------------------------------------
"පෙත්තප්පු" උපකාරක වීඩියෝව නැරඹීමට පහත link එකට පිවිසෙන්න.
http://youtu.be/y9EWJAdPQ4E

"පෙත්තප්පු" download කරගැනිමට පහත link එකට පිවිසෙන්න.
http://www.serandibsoft.com/peththappu.html

No comments:

Post a Comment