Powered By Blogger

Tuesday, January 21, 2014

Android Studio ගැන දන්නවද?

Android App Develop කරන අයට සුබදායක ආරංචියක් මේ පාර Google I/O 2013 වලින් දැනගන්නට ලැබුණා.. ඒ තමා Android Studio. දැන් ලෝකයේ ජංගම දුරකතන වැඩසටහන් සංවර්ධකයන් අතර වැඩිදෙනා භාවිතා කරන්නේ Android තමා.. ඒ කියන්නෙ පරිශීලකයන් මිලියන 900 ක් Android Apps බිලියන 48 කට කිට්‍ටු වෙන්න මේ මොහොත වෙනකොටත් භාවිතා කරනවා.. නොයෙක් දේවල් ජංගම දුරකතන වලින් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ Android නිසා.. ඒ නිසා තමාගේ හෘද ස්පන්ධනය පවා මැන ගන්න පුලුවන් ඇප්ස් ඇවිල්ල තියෙනවා..

මොබයිල් මෘදුකාංග වලට අලුත්ම පාරක් කැපුවා වගේම ඇපල් අයි-ඕස් වලට තිබූ ජනප්‍රියත්වය බොහෝ දුරට අඩු වුනා.. මේකට හේතුව තමා Android SDK සමග නිදහසේ වැඩ කිරීමට හැකිවීම.. ඒ කොහොම වුණත් Android Developers ලගෙ යටි සිතේ කැකෑරෙමින් තිබූ මෙයට එක්කලා නම් හොඳයි සිතූ ගුනාංගයක් දැන් Android වලට තියෙනවා. ඒ වෙනම IDE (Editor) එකක්.. ඉස්සර ඒ කට්ටිය Eclipse + Android SDK වලින් ඇප්ස් හැදුවේ.. කොච්චර දුකක් වින්දද? UI එකක් හදාගන්න..දැන් ඒ සඳහා Android Studio එලිදක්වලා තියෙනවා.. ඕනැම දේකට ඔට්‍ටු Apps හදන්න දැන් ඔයාට වුනත් පුලුවන්. අර වගේ දගලන්න දෙයක් නෑ කෙලින්ම New Project එකක් එකක් අරගෙන ඇප් එකක් හදාගන්නයි තියෙන්නෙ.. කොච්චර ලේසිද? අලුත්ම Android version එකත් මේ සමග ඇති නිසා අමුතුවෙන් දා ගන්න දෙයක් නෑ..

Install කරගන්න හැටි කියන්න කලින්, මේකෙ තියෙන ගුණ ටිකක් කියල ඉන්නම්කෝ..
  • අපි කෝඩ් එකකට ඇඩ් කරන පාටක්, පිංතූරයක් වගේ අමතර දේක Real-time Preview එකක් පසෙකින් දිස්වීම ගොඩක් වැදගත් දෙයක් කෝඩ් කරන අයට... ඒ කියන්නේ RGB, CMYK වගේ Color Profile තියෙනවනෙ, අපි දාන වර්ණය කෝඩ් එකේ වම් පැත්තේ නියම විදියටම පෙන්නනවා.. ඒ කිව්වෙ අන්තිමට දකින්න ලැබෙන විදියටම කෝඩ් ලයින් එකේ තියෙන පාට පෙන්නනවා.. ඒ වගේමයි ඉමේජ් එකක් අයිකන් එකක් Embed කරල තියේ නම් Live Preview එකක් පෙන්නනවා..
  • කොඩ් මතට ගෙනගිය විට Syntax පෙන්වීම හා සුලු වැරදි (කමා අමතක වූ විට වගේ) ඇත්නම් ඒවා ඉබේ සකස් වීම තවත් විශේෂත්වයක්..
  • තව දෙයක් තමා ඔබගේ ඇප් එකේ Alpha/Beta Testing කරන්න පහසුකමක් Google Play Developer Console වගේම Revenue Graph, Usage Graph Analyse කරන්න හැකියාවක් වෙනම ලැබෙනවා..
  • Multiple Screen Layout: Android Devices විවිධාකර Screen Size වලින් තියෙන නිසා Apps හදන අයට ඒ සියල්ල ගැන සලකා බලන්න බැරි වෙන්න පුලුවන්.Android වල ජනප්‍රියකම කොච්චරද කියන්න Android ජනතාවට ඒකෙන් ගැලවෙන්නට බැරි තරමට වශී වෙලා.. ඒත් තියෙන ප්‍රශ්නෙ තමයි සමහර Apps ඉන්ස්ටෝල් කරාම ඒකෙ ඔක්කොම දත්ත බලාගන්න බැරි වීම හා සුලු භාෂා ප්‍රමාණයකට විතරක් සහය දැක්වීම. මේකට විසඳුමක් දෙන්න Android Studio වලට හැකිවෙලා තියෙනවා..
  • Multi-Language සහය තියෙන නිසා Code Editor එකෙන් තියෙන Variable එක වෙනස් කරල පෙන්නුවහම UI එකේ පෙනෙන ආකාරය, එනම් ඇත්තටම Render වෙල, අවශ්‍ය විට Text Wrap වෙල, ඒ අකුරු පේන ආකාරය බලාගන්න පුලුවන්..

අයි-ඕඑස් සංවර්ධනය කරන පැත්ත ගැන කිව්වොත් xCode වල Interface Builder එකක් කොහොමත් තියෙනවා, ඒත් මෙච්චර දියුණු තත්වයක නැහැ. නමුත් iOS xCode වලට Device Screen Size Cordination සහ රෙන්ඩර් වෙන හැටි දන්න නිසා ඇප්ස් හදන කට්ටියට වැඩේ ලේසි වුනා මොකද තියෙන්නේ උපාංග කීපයයිනේ (iPhone, iPad,iPod Touch වගේ සුලු ගණනක්නේ). තව එකක් කියන්න තියෙනවා මේ Android Studio එක හදල තියෙන්නෙ Visual Studio අනුව යමිනුයි..

දැන් බලමු මේක දාගන්න හැටිAndroid Studio පැකේජ් එක බාගන්න මෙතනින්..

දැන් මේකයි SDK Tool එකයි පරිගණකයට දාගන්න..මේ රූපයෙ තියෙන විදිහට කරගන්න, එච්චරයි..
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirX4NjMqxmGnSZet4AOYoRn0UJ7J-0Qy_do6Ymr_TcBm6u-o6E4HeL0o3qksxas-vUKBYjq0t5aldzJNFCPHBECsYkGce7o7k5VAmV8zM550lwQ0TtyKSgO13OCBrcagVYFi2H0jPdmNk/s1600/android-std_install.jpg

දැන් Android Develop කරන අයට වැඩ ගොඩක් පහසු වෙල තියෙන නිසා වඩ වඩා දියුණු ඇප්ස් හදන්න පුලුවන් වේවි..
වීඩියොවකුත් ඔන්න දැම්ම බලාගන්න..
https://www.youtube.com/watch?v=e0fXuyL0xVU

No comments:

Post a Comment