Powered By Blogger

Tuesday, January 21, 2014

සිකුරුටි චෙක් එකක් සාර්ථකව ගොඩ දාගන්නා ආකාරය, ඔව්

මේක ඉවසීමෙන් කියවන්න, අපතේ යන් නෑ.. 

සිකුරුටි චෙක් එකක් ආවහම තමුන්ගේ Friendsලා tag වෙලා ඉන්න photoes 3ක් පෙන්නලා උත්තර විදියට පෙන්නන නම් 5ක් හෝ 6ක් අතරින් නිවැරදි නම තෝරන්න තියෙන ප්‍රශ්න 5ක් හෝ 6ක් තියෙනවා..හරියට උසස් පෙළ MCQ ප්‍රශ්න වගේ ඒවා.. ප්‍රශ්න 6ක් අහන ඒවායින් 4කට හරි උත්තර ගැහුවම ගොඩ, ඔව්... ප්‍රශ්න 5ක් අහන ඒවාට නම් 5ටම හරි උත්තර ගහන්නම ඕනා....

පැයක් තුලදී එක වරක් හෝ දෙවරක් පමණයි සිකුරුටි චෙක් එකට මුහුණ දෙන්න පුළුවන්... මාසයක කාලයක් තුලදී හදා ගන්න බැරි උනොත් අකවුන්ට් එක සදහටම අහිමි වෙනවා.. ඒක හොදින් මතක තියා ගන්න ඈ, ඔව්

ෆේස්බුක් භාවිතා කරන විට අලුත් අයට විශේෂයෙම්ම මුහුණ දෙන්ඩ සිදු වන අප්පිරියා ජනක අද්දැකීමක් තමයි සිකුරුටි චෙක් කියන්නේ, ඔව්එක පාර ෆ්‍රෙන්ඩ්ස් 50කට වඩා අඩ් කර ගැනීම, ගෘප් චැට් වලට එක පාර 5 දෙනෙක්ට වඩා එකතු කිරීම, කෙටි කාලයක් තුලදී පොටෝ හෝ ස්ටේටස් එකකට වඩා ටැග් කිරීම, සුළු කාලයක් තුළ ලයික්, කොමෙන්ට් ගොඩක් දැමීම, කව්රු හරි රිලවෙක් රිපෝට් කර තිබීම වගේ පොඩි පොඩි හේතු නිසා තමයි මේ සිකුරුටි චෙක් එක එන්නේ, ඔව්.. 

අලුත් එකවුන්ට් වලට කිසි හේතුවක් නැතුවත් එනවා... 

ගොඩක් අය කරන්නේ සිකුරුටි චෙක් එකක් ආවහම ඒ එකවුන්ට් එක අත ඇරලා සකබරයට බැන බැන අලුත් එකක් හදන එක...එත් මේක හදා ගන්න පුළුවන්... අද ගරු ඇමති තුමා ඔය ගොල්ලොන්ට ඒක හදාගන්න හැටි කියන්නයි යන්නේ.. කෙටි ක්‍රම නෑ, මේ විදිහටම කරන්න වෙනවා ඈ, ඔව්..

සිකුරුටි චෙක් එක ගොඩ දාගන්න තවත් ෆේස්බුක් අකවුන්ටුවක් ඕනේ වෙනවා..හොඳ වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් අත්‍යවශ්‍යයි ඈ, ඔව්... තව.. chrome සහ firefox වගේ හොද වෙබ් බ්‍රවුසර් 2 කුත් ඕනා... ෆෝන් එකෙන් කරන්ඩ බෑ.... 

මුලින්ම වෙබ් බ්‍රවුසර් 2 ඕපන් කරගෙන Chrome එකෙන් සිකුරුටි චෙක් එක ආපු එකවුන්ට් එකට ලොග් ඉන් වෙන්න..Firefox එකෙන් අනිත්, හොද එකවුන්ට් එකට ලොග් ඉන් වෙන්න, ඔව්...මේ වැඩේ හරියට ගේම් එකක් වගේ..පොඩි ආතල් එකක් තියෙන වැඩක්, ඔව්.. 

photo ඒකක තියෙන අකුරු ටික ටයිප් කරට පස්සේ සිකුරුටි චෙක් එක පටන් ගන්නවා..විනාඩි 10 කට වඩා ගත්තොත් උත්තර ඔක්කොම හරියට දීලා තිබුනත් හරි යන්නේ නෑ, ඔව්..උන් කියනවා කම්ප්ලිට් කිරීමට ගත්තු කාලය වැඩි කියල.. 

සිකුරුටි චෙක් එකේ පෙන්නන පොටෝ 3 හොදට මතකෙට අරන් ඒවා තියෙයි කියල හිතන එක්කෙනාගේ නම කොපි කරලා අරන් firefox එකේ fb search බාර් එකට Paste කරන්න.... ඒ කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහින් පුළුවන් තරම් ඉක්මනට පොටෝස් වල උඩින් තියෙන ටික බලන්න..බලන්න අර පොටෝස් 3න් එකක් වත් පෙන්න තියෙනවද කියලා... නැත්තං ආයේ ඉක්මනට Chromi එකට ගිහින් වෙන නමක් කොපි කරලා ආයේ ෆයෆොක්ස් එකේ fb සර්ච් බාර් එකේ පේස්ට් කරලා ඒ ප්‍රොෆයිල් එකට ගිහින් පොටෝස් වල බලන්න...ගොඩක් වෙලා ගන්න එපා දෙපාරක් Skip කරන්න පුළුවන්...

හරි උත්තරේ හම්බුන ගමන් පැල වේවි ඉන් නැතුව ටක් ගාලා ටික් එක දාලා ඊලග පොටෝ එකට යන්න... හරි උත්තරේ තිබුණු නම අහු උණු ටැබ් එක ක්ලෝස් කරන්ඩ එපා ඈ.. හරි ගියේ නැත්තන් ඊ ලග පාර කරද්දී ඒක ඕන වෙයි, ඔව්.. ටැග් කරලා තියෙන පොටෝස් අහන නිසා පොටෝ ඇල්බම් වල ප්‍රයිවසි සෙටිංස් Only me දමා තිබීම, ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවීම වගේ හේතු බලපාන්නේ නෑ.. 

හැම Game එකකදීම වගේ මේකෙදිත් ඔයාගේ කාර්යක්ෂමතාවය, ඉවසීම සහ Luck එක මත තමයි ජය පරාජය තීරණය වෙන්නේ ඈ, මතක තියා ගන්න, ඔව්.. 

එක පාරින්ම ගොඩ දා ගන්න බැරි වෙයි.. එත් හැම සැරේම අහන්නේ එකම වගේ යාලුවෝ සෙට් එකක් නිසා දෙ තුන් පාරක් කරද්දී නම් ටික නෝටිස් වෙනවා...ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.. හතර පස් පාරක් කරද්දී මුලින්ම දැනෙන තරම් අමුත්තක්, අමාරු කමක් නෑ..ගොඩ දාගන්න පුළුවන්...

කරුමෙට වගේ කොයි වෙලේ හරි චෙක් එක ගොඩ යනවා, ෂුවර්...  සිකුරුටි චෙක් එකක් ගොඩ දාගත්තම හිතට මාර ෆිට් එකක්, තෘප්තියක් එන්නේ,ඔව්.. එක පාරක් සිකුරුටි චෙක් ගොඩ දාපු කෙනෙක්ට ඒක ආයේම කරන එක ගේමක් නෑ, ඔව්..ඒ නිසා පුළුවන් නම් අනික් අයටත් උදවු කරන්න, ඒක ලොකු පිනක්...

අර නම් දෙන් නැතුව අහන එකත් හදන්න පුළුවන්..www වෙනුවට m ගහලා...ඒ කිව්වේ m,facebook,com ගහලා ඕන උනාම පොටෝ එක ගානේ තුනක් පෙන්නලා නම් 6ක් දීල අහනවා ප්‍රශ්න 5ක් හරි 6ක් හරි..

අර දවස් 30 ලයික් කොමෙන්ට් චැට් රික්වෙස්ට් බ්ලොක් එක නම් හදන්නම බෑ..ඒක අවොත් නම් අලුත් ඒවා හදන නැතුව දවස් 30 කට්ට කාගෙන ඉන්නයි තියෙන්නේ..ඒ බ්ලොක් එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා, ඔව්දවස් 30 බ්ලොක් එක කෙනෙක්ට එන්නේ තුන් පාරයි..මට නම් තුන් පාරම ආවා.. 

ඉතිං ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ... අඩු පාඩු තියෙනවා නම් කියන්න..ගොඩක් අය මේ ගැන අහපු නිසා හෙන අමාරුවෙන් ටයිප් කොරේ බොලාට කියවන්ඩමයි, ඔව්ටැග් වෙලා නැත්තන් හරි, වැරදි අයව ටැග් වෙලා හරි නම් සමා වෙන්න... අහම්බෙන් අහු උන සෙට් එකක් තමයි ටැග් කරේ...මේ පොස්ට් එක වටිනවා නම්, පුළුවන් නම් අනික් අයටත් බලන්න ශෙයා කරන්න, ඔව්.... 

ජය වේවා.. 
 අපි සැවොම එක වී සිකුරුටි චෙක් පරදවමු https://www.facebook.com/emathithuma/posts/185739498294576

No comments:

Post a Comment